fbpx

ඔබේ ව්‍යාපාරයට Facebook අලෙවිකරණය

[Facebook Marketing in Sinhala]
මෙම පාඨමාලාව දැනට තාවකාලිකව නවතා දමා ඇත.
Hero Image

ලොව පුරා බිලියන දෙකකට අධික ජනතාවක් මේ වනවිට Facebook භාවිතා කරනවා. ඒ වගේම, ශ්‍රී ලංකාවේ Facebook පරිශීලකයන් මිලියන 7කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මේ සෑම දෙනාම, කිසියම් ව්‍යාපාරයක හෝ වෙළඳ නාමයක පාරිභෝගිකයන් බව නොරහසක්. ව්‍යාපාර සහ වෙළඳ නාම වලට තමන්ගේ අලෙවිකරණ කටයුතු කරගෙන යාම සඳහා Facebook තුල විවිධ පහසුකම් තියෙනවා. නමුත් බොහෝ දෙනෙකුට මේ පිලිබඳ නිසි දැනුවත්භාවයක් නැහැ.

ඔබේ ව්‍යාපාරයට නිවැරදිව Facebook පිටුවක් සාදා ගන්නේ කෙසේද? ඔබේ නිවැරදිම ඉලක්ක පාරිභෝගිකයා වෙත ඔබේ දැන්වීම් යොමු කරන්නේ කෙසේද? Facebook සහ Instagram දැන්වීම් භාවිතයෙන්, සාපේක්ෂව අඩු වියදමකින් ඉතා ඵලදායී අලෙවිකරණ වැඩසටහනක් පවත්වාගෙන යන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්න රැසකට විසඳුම් සහිත සම්පූර්ණයෙන්ම සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන Facebook අලෙවිකරණ පාඨමාලාවක් තමයි මේ.

මෙම පාඨමාලාව ඔබ වෙත ගෙන එනු ලබන්නේ eLearning.lk ආයතනය වන අතර APIDM ආයතනය සම්පත් දායකත්වය ලබා දෙනු ඇත.

Course Outline

100% අන්තර්ජාලය ඔස්සේ ඔබට මේ පාඨමාලාවට සහභාගී විය හැකිය.

සම්පූර්ණ පාඨමාලාව පැය 8යි.

ඔබේ පාඨමාලා කාලය අවසන් වන තුරු, සෑම පාඩමකම recorded video ඔබට නැවත නැරඹිය හැකිය.

ප්‍රායෝගික පුහුණුව.

පාඨමාලාව අවසානයේ දැනුම පරීක්ෂණයකින් අනතුරුව ලබා දෙන සහතිකය.

Facebook Marketing in Sinhala, is a special program designed by the Asia Pacific Institute of Digital Marketing for the benefit of the Sri Lankan business community who speaks Sinhala as their first and only language. The entire program is delivered in Sinhala Medium and in this program, we will be covering all the important aspects of Facebook Marketing tools.

Who is this program for?

කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් හෝ එවැනි ව්‍යාපාර වල අලෙවිකරණ කටයුතු වල නිරත අය. ස්වයං රැකියා වල නියුතු අය. Facebook Marketing ගැන ඉගෙන ගැනීමට කැමැත්තක් ඇතිමුත්, ඉංග්‍රීසි භාෂාව එයට බාධාවක් සේ සලකන ඕනෑම කෙනෙකුන් සඳහා.

This Facebook Marketing in Sinhala course is ideal for small and medium entrepreneurs, self-employed persons, or anyone who is interested in learning Facebook Marketing but English language is seen as a barrier.

Program Outline

Module 1: Facebook අලෙවිකරණයේ මූලික ප්‍රවේශය

1.1 මූලික ප්‍රවේශය (Welcome & Introduction)
1.2 Facebook Profile සහ Pages අතර වෙනස
1.3 Facebook & Instagram Page එකක් සකස් කරගැනීම

Module 2: ඔබේ Facebook පිටුව ක්‍රියාකාරීව පවත්වාගෙන යාම

2.1 ඔබේ Facebook පිටුව සඳහා පහසුවෙන්ම posts සහ videos සාදා ගැනීමට ඇති විවිධ ක්‍රම
2.2 උපරිම ලෙස Organic Newsfeed Reach ලබා ගැනීම සහ පරිශීලක ප්‍රතිචාර උපරිම කරන ක්‍රම
2.3 Facebook Creator Studio හඳුනා ගන්න

Module 3: Facebook සහ Instagram Advertising මගින් ව්‍යාපාර ප්‍රවර්ධනය

3.1 සරල ආකාරයට post boosting කිරීමේ වාසි හා අවාසි
3.2 Facebook Business Manager
3.3 Facebook Ad Manager භාවිතය සහ Campaign Objective තෝරාගැනීම
3.4 විවිධ ඉලක්කගත පුද්ගල කාණ්ඩ (target audience) සොයාගන්නා ක්‍රම
3.5 Custom Audience සහ Lookalike Audience සකසා ගැනීම
3.6 නිර්මාණාත්මක බහුවිධ Facebook දැන්වීම් වර්ග හඳුනාගැනීම සහ සකස් කිරීම (Workshop Style)
3.7 මුල සිටම Facebook Ad Campaign එකක් හදමු (Workshop Style)
3.8 Instagram හරහා දැන්වීම් පළකිරීමේ ක්‍රම (Workshop Style)
3.9 Facebook හරහා eCommerce වෙබ් අඩවි ප්‍රවර්ධනය පිළිබඳ හඳුන්වාදීම
3.10 Facebook Pixel සමග ඔබේ ඵලදායීතාවය තවත් දියුණු කරන්න
3.11 ඔබේ ෆේස්බුක් ව්‍යාපාර මෙවලම් සුරක්ෂිත කරගන්නේ කෙසේද?

Course Delivery Method

Facilities Required to Participate in Online Virtual Classes

✔ A Laptop / Desktop Computer with Minimum 4GB RAM (Mandatory)

✔ Headset with Microphone (Headphone which comes with your mobile phone is sufficient).

✔ A stable internet connection (Recommended: SLT Fiber, SLT ADSL, 4G LTE Home Broadband from any service provider with strong signal receptivity in your location).

✔ Minimum internet bandwidth required – 20Mbps

✔ A quiet place at your home to attend the class with no disturbances.

We do not recommend the followings

✘ Using a mobile device to attend the class (We do not provide any technical help for mobile devices if a class is not viewable).

✘ Attending to the class in a common area in your house where other people in your family may engage in other activities. Always use a quiet personal space.

Panel of Trainers